පුද්ගල නාශක බිම් බෝම්බ නිෂ්පාදනය හෝ මිලදී ගැනීම තවදුරටත් සිදුනොකිරීමට කටයුතු කරන බව ඇමෙරිකා එක්සත් ජනපදය පවසයි.
බිම් බෝම්බ තහනම් කිරීම සඳහා වූ එක්සත් ජාතීන්ගේ ගිවිසුම හෙවත්, ඔටාවා සම්මුතිය වෙනුවෙන් මොසැම්බික් රාජ්‍යයේ පැවති සමුළුවකදී ඇමෙරිකාව විසින් මෙම නිවේදනය සිදුකරන ලදී.
නමුත්, ඔවුන්ගේ මෙම තීරණය තවදුරටත් විවේචනයන්ට ලක්ව ඇති අතර, ඇමෙරිකාව ඉන් ඔබ්බට වහාම ක්‍රියාත්මක වන පරිදි බිම් බෝම්බ තහනම් කිරීමට හෝ පවතින තොග විනාශ කිරීමට පියවර නොගැනීම ඊට හේතු වී තිබේ.
මේ අතර, ලෝකයේ තවත් ප්‍රබල රාජ්‍යයන් දෙකක් වන චිනය හා රුසියාව මෙම සම්මුතියට මෙතෙක් අත්සන් කර නොමැත.