ඔසාමා බින් ලාඩ්න් ඝාතන මෙහෙයුමේ කතාව ඇතුළත් 'නෝ ඊසි ඩේ' (No Easy Day) කෘතිය මගින් ඉපැයූ ආදායමෙන් ඇ.ඩො. 70 ලක්ෂයක මුදලක් රාජසන්තක කිරීමට ඇමෙරිකානු බලධාරීන් කටයුතු කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
2012 වසරේ ඇමරිකාවේ වැඩියෙන්ම අලෙවි වූ මෙම කෘතිය ලියා ඇත්තේ ඔසාමා බින් ලාඩන් ඉලක්ක කොට දියත් කළ මෙහෙයුමේ ක්රියා කළ ඇමරිකානු නාවික හමුදාවේ හිටපු නිලධාරියෙකු වූ මැට් බිස්සොනෙට් විසිනි.
කෘතිය ප්රකාශයට පත් කිරීමට පෙර පෙන්ටගනයෙන් නිසි අවසරයක් ලබානොගැනීම මෙසේ එහි ආදායමෙන් කොටසක් රාජසන්තක කිරීමට හේතුව බව ඇමෙරකානු බලධාරීහු පවසා තිබේ.
මාර්ක් ඕවන් යන අන්වර්ත නාමයෙන් මෙම කෘතිය ප්රකාශයට පත් කළ මැට් බිස්සොනෙට් එමගින් ඉපැයූ සියලුම ආදායම්, ප්රකාශන හිමිකම සහ පොත සිනමාකරණයට ඇති අයිතිය පෙන්ටගනය විසින් ඔහුට අහිමි කරනු ලැබ ඇති බවද විදෙස් වාර්තා පවසයි.
මෙම කෘතියේ සියලුම ආදායම් සහ එහි පූර්ණ ප්රකාශන අයිතිය රජයට පැවරීමට එකඟ වීම නිසා මැට් බිස්සොනෙට්ට එරෙහිව රජය විසින් ගොනු කොට තිබූ අනෙකුත් චෝදනා ඉවත් කර ගැනීමට පෙන්ටගනය එකඟ වී ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.