අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ හිටපු නායක ඔසාමා බින් ලාඩන්ගේ පෞද්ගලික දිනපොත, වීඩියෝ සහ ඔහුගේ පුත් හමාසාගේ විවාහ උත්සවයේ ඡායාරූප මෙන්ම තවත් වැදගත් ලියවිලි කිහිපයක් ඔහුගේ පරිගණකයේ තිබී සොයාගත් බව CIA සංවිධානය පවසයි.
පාකිස්තානයේ, අබොට්ටාබාද් හි නිවසක සිටියදී 2011 වසරේදී ඇමෙරිකානු මෙහෙයුමකින් බින් ලාඩ්න් මරා දැමුණු අතර, එහිදී ඔහුගේ පරිගණකය රැගෙන යාමට ඇමෙරිකානු මැරීන් භටයන් ක්‍රියා කළේය.
ඒ අනුව, මේ වනවිට එහි වූ ගොනු රැසක් අනාවරණය කර ගැනීමට එම සංවිධානය සමත්ව ඇති අතර, එම ඇතැම් තොරතුරු ආරක්ෂාව අතින් අතිශය සංවේදී තොරතුරු මෙන්ම, තවත් ඒවා අසභ්‍ය දසුන් බවද එම සංවිධානය පවසයි.
CIA අධ්යක්ෂ මයික් පොම්පේ පවසන්නේ ලිපිගොනු 18,000ක්, හඬපට සහ ඡායාරූප 79,000ක් සහ වීඩියෝ 10,000ක් පමණ මෙහි වූ බවයි. මෙම බොහෝ දෑ ත්‍රස්ත සංවිධානයේ සැලසුම් සහ ඔවුන් කටයුතු කළ ආකාරය දැක්වෙන ඒවා බවද අධ්යක්ෂවරයා පවසා සිටියේය.