එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් බැන් කී මූන් අද (12දා) සිය මවු රට වූ දකුණු කොරියාව වෙත පැමිණියේය.
එරට සෝල් නගරයට ආසන්නයෙන් වූ ඉන්ෂන් ගුවන් හමුදා කඳවුරේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මහ ලේකම්වරයා වැඩිදුරටත් පවසා සිටියේ තමන් පරාර්ථය ගැන සිතන තීරණයක් වෙත ළඟදීම එළැඹෙනු ඇති බවයි.
බැන් කී මූන් දකුණු කොරියානු ජනාධිපතිවරණය සඳහා තරගකරනු ඇති බව පැවසුණත්, ඔහු තවමත් සිය අපේක්ෂකත්වය ප්‍රකාශයට පත්කර නැත.
ගුවන් තොටුපොළේදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු මහ ලේකම්වරයා පවසා සිටියේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිටියදී තමන් ලැබූ අත්දැකීම් දකුණු කොරියාව හා අසල්වැසි රාජ්‍යයන් අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා යොදාගන්නා බවයි.
