එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මුන් ත්රස්තවාදයට උඩගෙඩි දෙන බවට ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු චෝදනා කර තිබේ.
පසුගිය ඔක්තෝබර් මාසයේ සිට ඊශ්‍රායල් - පලස්තීන ගැටුම් හේතුවෙන් පලස්තීන ජාතිකයන් 155ක්, ඊශ්‍රායල් ජාතිකයන් 28ක් මෙන්ම ඇමෙරිකානුවෙක් හා එරිත්‍රියානු ජාතිකයෙකුද ජීවිතක්ෂයට පත්ව තිබේ.
ත්රස්තවාදයට නිර්දේෂීභාවයක් නොමැති බව දක්වමින් ඉදිරිපත් කර ඇති ලියවිල්ලකින් නෙතන්යාහු මෙසේ මහලේකම්වරයාට දෝෂාරෝපණය කර තිබේ.
කෙසේ වෙතත්, මෑතකදී පැවති එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී අදහස් දක්වමින්, පලස්තීනුවන් විසින් ඊශ්‍රායල් ජාතිකයන් පිහිවලින් ඇණ මරා දැමීම බැන් කී මුන් දොස් පවරා තිබුණි.