තායිලන්තයේ බැංකොක් අගනුවර රාජ්ය විරෝධී උද්ඝෝෂණයකට එල්ල වූ ප්රහාරයකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 20කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.
බැංකොක් නගරයේ ප්රජාතන්ත්රවාදි ස්මාරකය අසල පිපිරීම් හඬක් සහ වෙඩි තැබීමක් සිදුවූ බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
දැනට පවතින කැබිනට් මණ්ඩලය ඉවත් කර ඒ වෙනුවට අලුතින් කැබිනට් මණ්ඩලයක් පත්කිරීම උද්ඝෝෂකයන්ගේ සටන් පාඨය වී තිබේ.
එමෙන්ම රජය හා මැතිවරණ කොමිසම අතර හමුව වැළැක්විය යුතු බවද ඔවුන්ගේ ඉල්ලීමක් විය.
මීට පෙර තායිලන්තයේ පැවති මහ මැතිවරණය විරෝධතාකරුවන් කඩාකප්පල් කිරීම නිසා එරට රජය ලබන ජූලි මාසයේදී නව මැතිවරණයක් පැවැත්වීමට සූදානම් වෙයි.