ඉන්දුනීසියාවේ, බාලි දූපත්වල පිහිටි අගුන්ග් ගිනි කන්ද සක්‍රීය වෙමින් මීටර් 1,500ක් පමණ උසට ඝන දුමාරයක් විහිදීම හේතුවෙන් එම කලාපයෙන් ගමන් කරන ගුවන් යානාවලට රතු අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.
මෙම සතිය තුළ මෙම ගිනි කන්දෙන් මෙවැනි දැවැන්ත දුමාරයක් පිටවූ දෙවැනි අවස්ථාව මෙය බව බලධාරීහු පවසති.
රතු අනතුරු ඇඟවීමක් යනු මෙම ගිනි කන්ද සක්‍රීයවී විදාරණය වීම ඉක්මන් වෙමින්, තවත් ඝන දුමාරයක් අහසට විසිරෙනු ඇති බවය
ගිනි කඳුවලින් පිටවන මෙම දුමාරය ගුවන් යානාවල එන්ජිමට බලපෑම් සිදුකළ හැකි බව කියැවේ.
බාලි දූපත් යනු සංචාරක පාරාදීසයක් ලෙස සැලකෙන පෙදෙසකි. එහි ප්‍රධාන ගුවන් තොටුපොළ මේ දක්වා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වුවත් ඇතැම් ගුවන් සමාගම් තම ගුවන් ගමන් මේ වනවිට අවලංගු කර ඇති බව වාර්තා වෙයි.