බ්‍රිතාන්‍ය හා රුසියාව අතර අර්බුදය උග්‍ර අතට හැරෙයි
සර්ජි ස්ක්‍රිපාල් නැමති රුසියාවේ හිටපු ඔත්තුකරුවෙකු සහ ඔහුගේ දියණිය බ්‍රිතාන්‍ය තුළදී විෂ රසායනිකයක් ශරීරගත වීමෙන් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවීමේ සිද්ධිය සමග බ්‍රිතාන්‍ය හා රුසියාව අතර රාජතාන්ත්‍රික සබඳතා දැඩි බිඳ වැටීමකට ලක්ව තිබේ.
ඒ අනුව, බ්‍රිතාන්‍ය තුළ සේවයේ යෙදී සිටි රුසියානු රාජතාන්ත්‍රිකයන් 23 දෙනෙකු එරටින් පිටුවහල් කිරීමට අගමැති තෙරේසා මේ අද (15දා) පියවර ගනු ලැබීය.
මෙම විෂ රසායනික ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු දැක්වීමට රුසියාවට ලබාදී තිබූ දින දෙකක කාලයෙන් පසුව අගමැතිනිය මෙම දැඩි පියවර ගෙන ඇති බව කියැවෙයි.
එමෙන්ම, අදාළ විෂ රසායනිකය සීතල යුද සමයේදී රුසියාව විසින් භාවිත කළ විෂ රසායනිකයක් බවද බ්‍රිතාන්‍ය කියා තිබුණි.
වර්ෂ 1985 න් පසුව බ්‍රිතාන්‍ය විසින් රුසියානුවන් වැඩිම පිරිසක් එකවර රටින් පිටුවල් කළ අවස්ථාව ලෙස මෙය සැලකෙන අතර, මෙවර පිටුවහල් කළ රුසියානුවන් අතර බ්‍රිතාන්‍ය තුළ සේවය කළ රුසියානු බුද්ධි අංශ නිලධාරීන් පිරිසක්ද සිටින බව විශ්වාස කෙරෙයි.
මෙම ගැටලුව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙතද යොමුව ඇති අතර, රුසියාව මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


