ඉබෝලා වෛරසය ශරීරගත වූ ප්‍රථම බ්‍රිතාන්‍ය ජාතික හෙද නිලධාරියාට පරීක්ෂණ මට්ටමේ පවතින ස්මැප් ඖෂධය ලබාදෙන බව බ්‍රිතාන්‍ය වෛද්‍යවරු පවසති.
විලියම් පූලේ නමැති මෙම හෙද නිලධාරියාට ප්‍රතිකාර කරන වෛද්‍යවරු පවසන්නේ ඔහු යථාතත්ත්වයට පත්වනු ඇති බව තමන්ගේ විශ්වාසය බවයි.
බ්‍රිතාන්‍ය ජාතික ස්වෙච්ඡා හෙද නිලධාරියෙකු ලෙස සියෙරා ලියෝන් රාජ්‍යයේ ඉබෝලා රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කරමින් සිටියදී ඔහුට වෛරසය ශරීරගත වී තිබේ.
පසුගිය ඉරිදා නැවතත් බ්‍රිතාන්‍ය වෙත ගෙන්වා ගැනුණු ඔහු ලන්ඩනයේ, රාජකීය නිදහස් රෝහලේ විශේෂ ඒකකය රඳවා ගනිමින් ප්‍රතිකාර කරයි.
ඉබෝලා හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 2,600ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ගිනියාව, ලයිබීරියාව, නයිජීරියාව හා සියෙරා ලියෝන් රාජ්‍යයන් වෛරසයට මුහුණ දී සිටී.