උතුරුදිග බ්‍රිතාන්‍යයට බලපා ඇති දැඩි වර්ෂාපතනය හේතුවෙන් ලැන්කැෂෙයර් සහ යෝක්ෂෙයර් යන පළාත්වල වැසියන් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
එරට කාලගුණ අංශ පෙන්වාදෙන පරිදි මැන්චෙස්ටර් හා ලීඩ්ස් යන පළාත්වලද ගංගා පිටාර ගලමින් පවතී.
යෝක් ප්‍රදේශයේ අවදානම් තත්ත්වය හේතුවෙන් නිවාස 2,200ක පමණ වෙසෙන ජනතාව ඉවත් කර ඇති අතර, ෆොස් ගංගාව ආශ්‍රිතව ජීවත් වන ගෘහ ඒකකයන් 3,500ක පමණ ජනතාවද ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබේ.
එමෙන්ම, කාලගුණ අංශ විසින් දරුණු ගංවතුර තත්ත්වය 6ක් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් සිදුකරමින්, එය ජීවිත හානි සිදුකළ හැකි තත්ත්වයන් බව පවසා තිබේ.
එමෙන්ම, උතුරුදිග එංගලන්තය, ස්කොට්ලන්තය හා වේල්සය ආශ්‍රිතව ඉදිරියටත් තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ අංශ වැඩිදුරටත් පවසයි.

.jpg)