පාකිස්තානයේ කරච්චි නුවර ආසන්නයේදී තෙල් බවුසරයක් හා බස් රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 30කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
මාර්ගයේ වැරදි අන්තයෙන් වේගයෙන් ධාවනය වී ඇති තෙල් බවුසරය ඉදිරියෙන් පැමිණි බස් රථයේ ගැටී ඇති අතර, අනතුරටත් සමග වාහන දෙකම ගින්නට හසුව තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ වහලය මත ගමන් කළ පිරිස ඉන් පැන දිවි බේරාගෙන තිබුණත්, බස් රථය තුළ ගමන් කළ පිරිස ගින්නට හසුව මියගොස් තිබේ.
මේ අතර, තෙල් බවුසරයේ රියදුරා අනතුරින් පසුව පළා ගොස් ඇති බව කියයි.