බදු නොමැතිව සුරසැප විඳි සෞදියටත් වැට් බද්දක් එයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ මත සෞදි අරාබිය වෙත වැට් බදු හඳුන්වාදීම නිසා ජීවිත කාලය පුරාවට වැට් නොමැතිව ගෙවූ සුවිශේෂී වාසිය ගල්ෆ් කලාපයට අහිමි වනු ඇත.
සඳුදා දිනයේදී ගල්ෆ් කලාපයේ සාමාජික රාජ්‍යයන් 06ක් වෙත හඳුන්වාදෙනු ලැබූ මෙම නව බදු වැඩසටහන යටතේ එම රටවල භාණ්ඩ වර්ග රැසක් වෙත 5% ක වැට් බද්දක් පනවා තිබේ. මෙසේ වැට් බද්දට යටත් වූ ගල්ෆ් සාමාජිකයන් ලෙස එක්සත් බහරේනය, කුවේටය, ඕමානය, කටාර් රාජ්‍යය, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය දැක්විය හැකිය.
මේ අතර සෙසු ගල්ෆ් රාජ්‍යයන් වෙත වර්ෂ 2018 සිට වැට් බදු පද්ධතියක් හඳුන්වාදෙනු ඇති බවද විදෙස් වාර්තා පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ මත ගල්ෆ් කලාපයේ මෙම වෙනස්කම් සිදුකර ඇත්තේ තෙල් මිල පහළ යෑමත් සමග එකී රාජ්‍යයන් මුහුණදෙන ආදායම් වැඩිකර ගැනීමේ අර්බුදයට පිළියමක් ලෙසිනි.
මෙම වැට් බදු වැඩිකිරීමේ තීරණයට අමතරව, එම ගල්ෆ් රාජ්‍යයන් විසින් දුම්වැටි හා ඇතැම් රට බීම වර්ග සඳහාද බදු හඳුන්වාදීමක් සිදුකර ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

