හිසින් බද්ධව සිටින ඉන්දියානු නිවුන් දරුවන් දෙදෙනෙකු වෙන්කිරීම සඳහා ඉන්දියාවේ සිදුකළ ඓතිහාසික ශල්‍යකර්මයෙන් දින හතරකට පසුව එක් දරුවෙකු දෑස් විවර කළ බව ඉන්දීය මාධ්‍ය පවසයි.
දෙහැවිරිදි ජාගා මේ වනවිට සරල විධානයන්ට ප්‍රතිචාර දක්වමින්, ඔහු සිය දෙපා යන්තමින් සොලවන බව වෛද්‍යවරු පවසති. කෙසේ වෙතත්, මෙම දරුවාගේද වකුගඩු තවමත් දුර්වල මට්ටමක පවතින බැවින් ඔහු දිනපතා කාන්දු පෙරීම් (ඩයලසිස්) පරීක්ෂාවන්ට ලක්කරන බවද ඔවුහු පෙන්වා දෙති.
කෙසේ වෙතත්, ඔහුගේ නිවුන් සහෝදරයා වන කාලියා තවමත් කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන අතර, ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද වෛද්‍යවරු පවසති.
ඉන්දියාවේ රජයේ රෝහලක සිදුකළ මෙවැනි ආකාරයේ ප්‍රථම ශල්‍යකර්මය ලෙස ඉතිහාසගත වන මෙම ශල්‍යකර්මය වෙනුවෙන් වෛද්‍යවරු 30 දෙනෙකු සම්බන්ධ වී සිටියහ.
කෙසේ වෙතත්, මෙම දරුවන් දෙදෙනාම අසාධ්‍ය තත්ත්වයක නොසිටින බව වෛද්‍යවරු තවමත් විශ්වාස කරන අතර, ඔවුන් ශල්‍යකර්මයෙන් පසුව මෙතෙක් පෙන්වා ඇති තත්ත්වය ගැන වෛද්‍යවරු සෑහීමකට පත්වන බවද වෛද්‍යවරු පවසා තිබේ.