රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින්ගේ මෙන්ම, බටහිර ජාතීන්ගේද කීම නෑසූ නැගෙනහිර යුක්රේනයේ සිටින රුසියානු හිතවාදී බෙදුම්වාදී පිරිස් එම පළාත තුළ ස්වයං පාලනයක් සඳහා වන ජනමත විචාරණයක් පැවැත්වීමට අද (11දා) දිනයේ කටයුතු යෙදීය.
මෙම ජනමත විචාරණය යටතේ ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් යන පළාත්හි නායකයන් යැයි කියා ගන්නා දෙදෙනකු ඡන්දය සඳහා ඉදිරිපත් වී තිබුණු අතර, මේ හරහා පළාත් සඳහා ස්වයං පාලනයක් ඇතිකර ගැනීම ඔවුන්ගේ අරමුණ විය.
කෙසේ වෙතත් යුක්රේන බලධාරීන් පවසා සිටියේ මෙම පළාත් දෙකට ස්වයං පාලනයක් නොව ස්වයං විනාශයක් අත් වෙන බවය.
මෙම ජනමත විචාරණය වාර්තා කළ බී.බී.සී. වාර්තාකරු පෙන්වා දී තිබුනේ ඇතැම් ඡන්දපොළවල එකම ගාලගොට්ටියක් පැවති බවයි. එහිදී, ඇතැම් ස්ථානවල ඡන්ද මධ්‍යස්ථාන කියා දෙයක් නොතිබුණු බවත්, ඡන්ද ලියාපදිංචි වීමක් දක්නට නොලැබුණු බවත් ඔහු පැවසීය.
මෙම ජනමත විචාරණය වෙනුවෙන් ලබාදී තිබූ ඡන්ද පත්‍රිකාවේ එක් ප්‍රශ්නයක් පමණක් තිබී ඇති අතර, එය යුක්රේන හා රුසියානු භාෂාවෙන් සටහන් කර තිබුණු බවද කියැවෙයි.
'ඩොනෙට්ස්ක් මහජන සමූහාණ්ඩුව සහ ලුහාන්ස්ක් මහජන සමූහාණ්ඩුව සඳහා ස්වයං-පාලන රාජ්‍යයන් සඳහා වූ නීතියට ඔබ සහාය දක්වන්නේද?' යනුවෙන් එහි පැවතී ඇත.