බටහිර ඉවුරේ, නැගෙනහිර ජෙරුසිලමේදී ඊශ්රායල් හමුදාව සමග ගැටුණු පලස්තීන ජාතිකයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ජෙරුසිලමේ ශුද්ධ වූ නගරයේ මෑත දින කිහිපයේ ඇති වූ උණුසුම් තත්ත්වයේ උච්චතම අවස්ථාවක් ලෙස මෙම ගැටුම හඳුනාගෙන තිබුණි.
ජෙරුසෙලමේ පලස්තීනයට අයත් කොටසේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඊශ්රායලය විසින් හඳුන්වාදෙනු ලැබූ නව නීතිරීති මෙම ගැටුම්වලට හේතුව බව කියැවෙයි.
ඊශ්රායලය හා පලස්තීනය අතර අළුයට ගිනිමෙන් ඇවිලෙන ගැටුම්වලට තිත තැබීමේ අරමුණින් වරින් වර සාම සාකච්ඡා බොහෝ සිදුවුණුද ඒ කිසිවක් මෙතෙක් ඵල රහිත වී ඇත.
