බටහිර ඉන්දියාව සලිත කරමින් පසුගිය මාස 6ක කාලය තුළ පුද්ගලයන් 7 දෙනෙකුගේ ජීවිත අහිමි කළ ව්‍යාඝ්‍රයෙකු වෙඩි තබා මරා දැමූ බව එරට වනජීවි නිලධාරීහු පවසති.
මනුෂ්‍ය ඝාතකයා යනුවෙන් නම් ලබා තිබූ මේ ව්‍යාඝ්‍රයා මහාරාශ්ට්ර ප්‍රාන්තයේ, චන්ද්රාපූර් වනාන්තරය ආශ්‍රිතව ගැවසී ඇති අතර, එම කලාපයේදීම මෙසේ මිනිසුන්ට පහරදී ඇති බව කියැවෙයි.
බලධාරීන් පෙන්වාදෙන පරිදි මිනිසුන්ට තර්ජනයක් වීම හේතුවෙන් 2007 වසරින් පසුව වෙඩි තබා මරා දැමුණු තුන්වැනි ව්‍යාඝ්‍රයා ලෙස මෙම සත්වයා සැලකේ.
ඉන්දියාව තුළ ව්යාඝ්ර පහරදීම් 17ක් මෙම වසර තුළ මේ දක්වා වාර්තා වී තිබේ.