බංග්ලාදේශයේ ඇති සියලු මුස්ලිම් පල්ලිවල මෙම සිකුරාදා යාඥාව සිදුවන අවස්ථාවේදී ත්රස්තවාදයට හා අන්තවාදයට එරෙහිව උපදෙස් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබුණි.
බී.බී.සී.ය පෙන්වාදෙන පරිදි බංග්ලාදේශ රජයේ පාලනයේ පවතින ඉස්ලාමීය පදනම විසින් මෙම විශේෂ උපදෙස් මාලාව නිකුත් කර ඇති අතර, ඕනෑම මනුෂ්‍ය වර්ගයකට එරෙහිව සිදුවන අධාර්මික ඝාතන හෙළා දැකිය යුතු බව එහි අවධාරණය කර ඇත.
එමෙන්ම, අන්තවාදීන් අතින් ඔබේ දරුවන්ගේ මනස විකෘති වීම වැළැක්වීම සඳහා දෙමවුපියන් වඩාත් සැලකිලිමත් විය යුතු බවටද උපදෙස් ලබාදී තිබේ.
පසුගිය සති කිහිපයේදී බංග්ලාදේශය ඉලක්ක කළ ප්‍රබල ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව එරට තුළ ත්‍රස්තවාදය හා අන්තවාදය මුලිනුපුටා දැමීමේ අරමුණින් මෙම වැඩපිළිවෙළ දියත් කර තිබුණි.