බංග්ලාදේශ ආරක්ෂක අංශ විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී එරට තහනම් කළ ඉස්ලාමී සංවිධානයකට අයත් කාන්තාවක් සිය ශරීරය පුපුරුවාගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.
ජුමාතුල් මුජහිඩීන් බංග්ලාදේශ් සංවිධානයේ සාමාජිකවක වූ මෙම කාන්තාව එම සංවිධානය සමග සබඳතා පවත්වා ඇති බව අනාවරණය වූ බවද එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අසාදුස්මාන් ඛාන් පවසයි.
බංග්ලාදේශය තුළ එවැනි මරාගෙන මැරෙන බෝම්බකාරියක් පිළිබඳව වාර්තා වූ ප්‍රථම අවස්ථාව මෙය බවද ආරක්ෂක අංශ පවසය.ි
ඩකා අගනුවර සිදුකළ මෙම මෙහෙයුමේදී සිදුවූ වෙඩි හුවමාරුවේදී තවත් පුද්ගලයෙකුද ජීවිතක්ෂයට පත්වූ බව ආරක්ෂක අංශ වැඩිදුරටත් පවසයි.
බංග්ලාදේශයේ ඉස්මතු වී තිබෙන ඉස්ලාමීය අන්තවාදය පරාජයට පත්කිරීමේ අරමුණින් මෙම මෙහෙයුම් සිදුවන බවද එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.
.jpg)