බංග්ලාදේශයේ සුෆි මුස්ලිම් නායකයෙකු අමානුෂික ලෙස මරා දමා ඇති බව බී.බී.සී.ය කියයි.
උතුරුදිග බංග්ලාදේශයේ, රාජ්ෂානි නගරයේදී මෙම ඝාතනය සිදුව ඇති අතර, මෙයද එරට තුළ ක්රියාත්මක ඉස්ලාම් අන්තවාදීන්ගේ ක්රියාවක් බව විශ්වාස කෙරෙයි.
මොහොමඩ් ෂහීදුල්ලා නමැති 65 වියැති මොහුගේ සිරුර ලේ විලක් මැද වැටී තිබියදී හමුවූ බව පොලීසිය කියයි.
බංග්ලාදේශයේ සුළුතර ආගමිකයන්ට හා ජාතිකයන්ට මෙන්ම නිදහස් මතධාරීන්ට එරෙහිව සිදුවන ඝාතන රැල්ලේ නවතම සිදුවීම ලෙස මෙය සැලකෙයි.