බංග්ලාදේශයේ නව අගමැතිනිය ලෙස ෂෙයික් හසීනා මහත්මිය දිවුරුම් දුන්නාය. ප්‍රචණ්ඩක්‍රියා මෙන්ම, විපක්ෂයේ මැතිවරණ වර්ජනය හමුවේ මෙවර මහ මැතිවරණයේදී ඇය නියෝජනය කළ බංග්ලාදේශ අවාමි ලීගයට බහුතර ආසන සංඛ්‍යාවක් හිමිවිය.
එරට රූපවාහිනිය විසින් සජීවීව විකාශය කළ මෙම උත්සවයේදී එරට නව කැබින්ට් මණ්ඩලය දිවුරුම් දීමද සිදුවිය. කෙසේ වෙතත් මෙවර මැතිවරණය අවසන් වනවිට ජීවිත 18 ක් අහිමි වූ අතර, 100 කට ආසන්න ඡන්ද මධ්‍යස්ථාන ගණනක් ගිනි තැබිණි. මේ තත්ත්වය තුළ බංග්ලාදේශය තුළ ඇතිවිය හැකි අස්ථාවරත්වය හමුවේ නැවත වරක් මැතිවරණයකට යන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන් බංග්ලාදේශය වෙත ඉල්ලීමක්ද කෙරිණි.
2009 වසරේ සිට එරට අගමැති ධුරයේ සිටින ෂෙයික් හසීනා මීට පෙර 1996 සිට 2001 දක්වාද එරට අගමැති ධුරය හොබවා ඇත.සිය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව අදහස් දැක්වූ අගමැතිනිය පවසා සිටියේ රටේ ප්රජාතන්ත්රවාදය යළි ස්ථාපිත කිරීම වෙනුවෙන් කටයුතු කරන බවය.කෙසේ වෙතත් එරට ප්‍රධාන විපක්ෂය වන බංග්ලාදේශ ජාතික පක්ෂය කියා සිටියේ ඔවුන් සිය උද්ඝෝෂණ ව්‍යාපාරය තවදුරටත් දැඩිව ක්‍රියාත්මක කරන බවය.