ඇමෙරිකාවේ ඊසානදිග ප්රාන්ත පුරා සති දෙකක කාලයක් පොලීසියට කට්ටි පනිමින් ගමන් කළ නව යොවුන් වියේ පෙම්වතුන් යුවලක් ෆ්ලොරීඩා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
13 හැවිරිදි චෙයිනී ෆිලිප්ස් සහ ඇගේ පෙම්වතා වූ ඩෝල්ටන් හෙයිස් ඉරිදා දිනයේදී පැනමා වෙරළ තිරයේදී අත්අඩංගුවට පත්ව තිබේ.
මෙම නව යොවුන් යුවල බාල වයස්කාර අපරාධයකට පෙළඹීම හා සොරකමට යොමුවීම යන චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය පවසයි.
බටහිර කෙන්ටකි ප්රාන්තයේ පිහිටි තම නිවාසවලින් පැන යාමෙන් පසුව මෙම තරුණ යුවල ඇමෙරිකාවේ ප්රාන්ත කිහිපයකදීම පොලීසියෙන් බේරී පළා ගොස් තිබුණි.
ඔවුන් මෙම ගමනේදී වාහන කිහිපයක් සොරාගෙන ඇති බවත්, සොරකම් කළ චෙක්පත් ගනුදෙනු කර ඇති බවත් පොලීසිය පවසයි.