පිලිපීනයේ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි මෙහෙයුම් එරට පොලීසියේ දූෂිතයන් ඉවත්කරන තෙක් තාවකාලිකව අත්හිටුවන බව කියයි.
පිලිපීන පොලිස්පති රොනල්ඩ් රෝසා පවසා සිටියේ එරට පොලීසියේ මත්ද්‍රව්‍ය විරෝධී ඒකකය විසුරුවා හැරීමද සිදුවිය හැකි බවයි.
පොලිස් ස්ථානයක් තුළ දකුණු කොරියානු ව්‍යාපාරිකයෙකු ඝාතනය වීමේ සිද්ධියකින් පසුව එරට පොලීසිය මෙම තීරණයට පැමිණ තිබේ.
මෙම ව්‍යාපාරිකයා එරට ත්‍රස්ත විරෝධී පොලිස් ඒකකය විසින් පැහැරගෙන මරා දමා තිබේ.
පිලිපීන ජනපති රොඩ්රිගෝ ඩුටාර්ටේ බලයට පත්වීමෙන් පසුව එරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඉලක්ක කරමින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ වූ අතර, මේ වනවිට 7,000කට වැඩි පිරිසක් මෙම මෙහෙයුම යටතේ ජීවිතක්ෂයට පත්ව තිබේ.