සාමාන්‍යයෙන් සත්තු ගැන බොහෝ මිනිසුන් තුළ එතරම් හැඟීමක් නෑ. කොටින්ම කිව්වොත් වැඩි දෙනෙක් ළඟ සත්ව කරුණාවක් නෑ. ඒකට හේතුව සතුන් ගැන හිතන්න තරම් ඉඩක් මේ මිනිස් හදවත් තුළ නැති නිසයි. සතුන් තිරිසනුන් හැටියට දකිමින්, මිනිසා තමයි හොඳම සතා කියමින් ඔවුන් සිතා ඉන්නෙ ඒ නිසයි.
ඒත් මේ සතුන්ටත් අපට වගේම බොහෝ දේ තේරෙනවා. බොහෝ දේ හැඟෙනවා. බොහෝ දේ දැනෙනවා. අපට තරම් බුද්ධියක් නැතත්, ඔවුන්ටත් හැඟීම් දැනීම් තියෙනවා. නිවසේ සුරතලයට සතෙකු හදනවා නම් ඒ සත්වයා අපට වඩාත් ලෙංගතු බව අමුතුවෙන් කියන්න ඕනෙ නෑ. සුරතල් සතුන් ඉන්න ඕනෑම කෙනෙක් ඒ අත්දැකීම දන්නවා. ඒ සුරතලුන් අපව ආරක්ෂා කරනවා. අපගේ සමීපතමයන්ව ආරක්ෂා කරනවා. අපගේ ගේදොර ගැන විමසිල්ලෙන් සිටිනවා.
අප මේ පෙන්වන්න යන වීඩියෝවත් කියන්නෙ අන්න ඒ වගේ කතාවක්. සාමාන්‍යයෙන් මිනිස් සත්වයාගේ ළඟම හිතවතා කියල කියන්නෙ සුනඛයා වුණත්, මේ කතාව පොඩ්ඩක් වෙනස් කරල, බළලාටත් ඒ වගේම මිනිසාගේ ළඟම හිතවතෙක් වෙන්න පුළුවන් කියන එක මෙතැනදි ඔප්පු වෙනවා.
මේ සිද්ධිය වෙන්නෙ ඇමෙරිකාවේ, කැලිෆෝනියාවල.
එහිදී, නිවෙසක් ඉදිරිපිට සෙල්ලම් කරමින් සිටි වයස අවුරුදු හතරක විතර පුංචි දරුවෙකු සිටින ඉසව්වට අසල්වාසි නිවෙසක සුනඛයෙකු හොර රහසේ ඇදෙන දර්ශනයක් මුලින්ම දැකගැනීමට පුළුවන්.
ඒ අසල නවතා තිබූ වාහනය පිටුපසින් පැමිණෙන මේ සුනඛයා, සෙල්ලම් කරමින් සිටි දරුවාගේ පාදය සපාකමින්, ඔහු වාඩවී සිටි සෙල්ලම් පාපැදියෙන් දරුවා බිම දිගේ ඇදගෙන යනවා.
තත්ත්පර කිහිපයක් ගතවීමටත් පෙර ඒ ක්ෂණයෙන් ඒ සුනඛයා දෙසට කළු පැහැති බළලෙකු කඩා පනිනවා. සුනඛයාගේ ඇඟ මතටම පනින මේ බළලා නිසා බියට පත්වන සුනඛයා දරුවා අතහැර දුවනවා.
පසුව මේ බළලාත් සුනඛයා පසුපස යම් දුරක් දුවයන්නේ නැවත ආපසු බැලීමටවත් සුනඛයාට අවස්ථාවක් නොදෙමිනුයි.
මේ සිදුවීම හොයල බලද්දි, නිවසේ සිටි බළලා තමයි, තමන්ගේ පුංචි මල්ලිව බේරා ගන්න මේ විදියට වීර පූසෙක් වෙලා තියෙන්නෙ.
අසල නිවෙස්වල සී.සී.ටී.වී. කැමරාවන්හි මේ රූපරාමු කිහිපය සටහන් වෙලා තිබුණා. සැබවින්ම මේ ප්‍රවෘත්තියට ජාත්‍යන්තර මාධ්‍යයේ විශාල ඉඩක් වෙන්වුනේ එහි වූ සුවිශේෂී බව නිසාමයි. යූටියුබ් අඩවියේ මේ වීඩියෝව උණු කැවුම් මෙන් වේගයෙන් පැතිරුණා.
සතෙකුට වුණත්, තමන්ගේ ගෙදර කෙනෙකුට කරදරයක් වෙන්න යනකොට ඒක දැනෙන හැටිත්, ඒ වෙනුවෙන් ඔවුන් තම ශක්ති ප්‍රමාණයෙන් ක්‍රියාකරන හැටිත් කියන්න මේ රූප පෙළ හැරෙන්න තවත් අටුවාටීකා අවශ්‍ය නැතිව ඇතියි කියා අප විශ්වාස කරනවා.
'පූස් අයියා'ගේ වීඩියෝව මෙතැනින් බලන්න...