රුසියනු ජනාධිපති ව්ලැඩිමීර් පූටින්ගේ සමීපතමයන් හා ඔහුගේ අභ්‍යන්තර ආධාරකරුවන් ලෙස සැලකෙන රුසියානුවන් 7 දෙනෙකුටත්, සමාගම් 17කටත් එරෙහිව ඇමෙරිකාව විසින් සම්බාධක පනවා ඇති බව පැවසෙයි.
රුසියාව විසින් නීතිවිරෝධී ලෙස සිදුකරන යුක්රේන ආක්‍රමණයට එරෙහිව මෙම පියවර ගත් බව නිවේදනයක් නිකුත් කරමින් ධවල මන්දිරය පවසයි.
රුසියාවේ ප්රමුඛ ඛනිජතෙල් සමාගමක් වන රොස්නෙෆ්ට් හි ප්‍රධානී ඉගොර් ෂෙෂින් සහ ප්රමුඛ අධි තාක්ෂණික සමාගමක් වන රොස්ටෙක් හි ප්‍රධානී සර්ජි චෙම්සෝව්ද ඒ අතර වෙති.
නැගෙනහිර යුක්රේනයේ ඛාර්කිව් හි නගරාධිපතිවරයා වෙඩි ප්‍රහාරයකින් දරුණු තුවාල ලැබීමේ සිදුවීමත් සමගම අමෙරිකාව විසින් මෙම සම්බාධක පිළිබඳ නිවේදනය නිකුත් කළේය.
හෙනඩි කර්න්ස් නමැති නගරාධිපතිවරයාගේ පපුවට හා උදරයට වෙඩි ප්‍රහාර එල්ල වී ඇති අතර, ඔහුගේ ජීවිතය ගලවාගැනීමට හදිසි ශල්‍යකර්ම කිහිපයක්ම සිදුකර තිබෙනද බව පැවසෙයි. කෙසේ වෙතත් ඔහු තවමත් ජීවිතයත් මරණයත් අතර සටනක බව එරටින් ලැබෙන ආරංචි මාර්ග පවසයි.