ඊජිප්තුවේදී පුද්ගලයන් රැසක් එකවර ගෙන ඇසුණු නඩු විභාගයකදී ඉන් 683 දෙනෙකු වරදකරුවන් බවට පත්කර ඔවුනට මරණ දඬුවම නියම කර ඇති බවත්, ඒ අතර මුස්ලිම් සහෝදරතවයේ නායක මුහම්මද් බඩීද සිටින බවත් විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
2013 වසරේදී මින්යා හි පොලිස් ස්ථානයකට පහරදීම හා පොලිස් නිලධාරියෙකු ඝාතනය කිරීම යන චෝදනා යටතේ වරදකරුවන් බවට පත්කරමින් මෙම තීන්දුව ප්රකාශයට පත්කර තිබේ.
මෙම විනිසුරුවරයාම මීට පෙර මාර්තු මාසයේදීද පුද්ගලයන් 529 දෙනෙකු සම්බන්ධයෙන් සිදුකළ නඩු විමසීමකදී ඉන් 492 දෙනෙකුට මරණ දඬුවම නියම කළේය.
කෙසේ වෙතත් මේ ආකාරයෙන් පුද්ලයන් රැසක් එකට ගෙන සිදුකරන නඩු විභාගයන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් දැඩි විවේචනයට ලක්කර තිබේ.
ඔවුන් පෙන්වා දෙන්නේ මෙවැනි නඩු විභාග පැය කිහිපයකට පමණක් සීමා වන බවත්, එහිදී විත්තියේ නීතීඥයන්ට පිළිතුරු බැඳීමටවත් අවස්ථාවක් නොලැබෙන බවත්ය.