පිළිකාව අතීත කර්මයක හේතුවක් යැයි කී ඇමතිට විරෝධය
පුද්ගලයන්ට පිළිකා වැළඳෙන්නේ ඔවුන්ගේ අතීත කර්ම මෙන්ම, ඔවුන්ගේ දෙමවුපියන්ගේ අතීත කර්ම නිසා යැයි ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍යවරයා පවසා තිබේ.
කෙසේ වෙතත්, හිමන්තා බිස්වා සර්මා අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයෙන් ප්‍රාන්තයේ පිළිකා රෝගීන්ගේ ඥාතීන් මෙන්ම, බොහෝ දෙනා අමාත්‍යවරයා වෙත සිය අප්‍රසාදය පළ කර ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.
මේ අතර, විරුද්ධ පක්ෂ දේශපාලඥයන් පවසන්නේ අමාත්‍යවරයාගේ අවාසනාවන්ත අදහස් දැක්වීම සම්බන්ධයෙන් ඔහු ප්‍රසිද්ධියේ සමාව අයැදිය යුතුයි.
ප්‍රාන්තය තුළ වේගයෙන් පිළිකා රෝගීන් ප්‍රමාණය ඉහළ යෑම පාලනය කරගැනීමට නොහැකි වූ සෞඛ්‍ය අමාත්‍යවරයා සියල්ල පෙර කර්මයට භාරදී තමන්ගේ වැරදි වසා ගැනීමට උත්සාහ කරන බවටද ඔවුහු චෝදනා කරති.
ගුවාති හි පැවති මහජන හමුවකදී ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කර තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


