පිලිපීනය වෙත දැවැන්ත හානි සිදුකරමින් හමාගිය රම්මාසන් සුළිකුණාටුව මේ වනවිට දකුණුදිග චීනය වෙත වසර 40කට පසු බලපෑ දරුණුතම සුළ කුණාටුව ලෙස ජීවිත 17ක් බිලිගෙන ඇති බව කියයි.
ඒ අනුව, හයිනාන් දූපතේ ජීවත් වූ වැසියන් 8 දෙනෙකු සුළි කුණාටුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් පිරිසක් අතුරුදන්ව ඇත ිබව කියැවෙයි. එමෙන්ම, ගුආන්ග්ෂි පළාතේද තවත් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කියයි.
පසුගිය සිකුරාදා වනවිටපැයට කිලෝමීටර් 200ක පමණ සුළං හමාගිය බවත්, අධික වර්ෂාවත් සමග කඳු නායයෑම්ද වාර්තා වූ බවත් කියැවෙයි.
පසුගිය සතිය මුලදී රම්මාසන් සුළි කුණාටුව උතුරුදිග පිලිපීනයේ ජීවිත 94ක් බිලිගත් අතර, එය වියට්නාමය වෙතද දැඩි වර්ෂාපතනයක් ඇති කර ඇති බව කියයි.