සිරියාවේ ගෝලාන් ප්‍රදේශය වෙත එල්ල වන දැඩි ප්‍රහාර මාලාව හමුවේ පිලිපීන සාම සාධක භටයන් රැසක් එහි කොටුවී සිටින බව පිලිපීන ආරක්ෂක අමාත්‍යවරයා පවසයි.
අද උදෑසන මෙම ප්‍රහාරය ආරම්භ වී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු හෝ සිදුවීම් පිළිබඳ පැහැදිලි තොරතුරු තවම වාර්තා නොවන බවත් හෙතෙම පවසයි.
පසුගිය දින කිහිපයේදී සිරියානු කැරලි කණ්ඩායම් විසින් ෆීජි සාම සාධක හමුදාවේ භටයන් 44 දෙනෙකුද තම රැඳවුම් භාරයට ගෙන තිබුණි.
මෙහිදී, එක්සත් ජාතීන්ගේ සාම සාධක කඳවුරු දෙකක් කැරලිකරුවන් විසින් වටලා ඇති බවත්, පිලිපීන සාම සාධක හමුදාවේ 75ක් පමණ ඒවායෙහි සිටින බවත් පැවසෙයි.
මෙම ප්‍රහාරය පිටුපස අල්-ක්වයිදා සම්බන්ධ සටන්කාමීන් සිටින බවටද විශ්වාසයක් පවතී.