පිලිපීනයේ කොමියුනිස්ට් ගරිල්ලන් සමග පැවැත්වීමට නියමිත සාම සාකච්ඡාවලින් තමන් ඉවත්වන බව ජනපති රොඩ්රිගෝ ඩුටාර්ටේ අවධාරණය කරයි.
නොර්වේදී පැවැත්වීමට නියමිත මෙම සාම සාකච්ඡාවලට තමන් නොපැමිණෙන බවත්, සාම සාකච්ඡාවලට පහසුකම් සලසන්නන්ට ගෙදර යන ලෙස උපදෙස් ලබාදෙන බවත් ජනපතිවරයා වැඩිදුරටත් පවසයි.
මෙම සාම සාකච්ඡා සඳහා සිරකරුවන් 400ක් නිදහස් කරන ලෙස කැරලිකරුවන් කරන ඉල්ලීම අසාධාරණ බව පවසමින් ජනපතිවරයා මෙසේ සාකච්ඡාවලින් ඉවත්වී තිබේ.
මෙම පුවත දෙරට අතර මාස හයක කාලයක් පැවති සටන් විරාමය බිඳ වැටීමටද හේතු වී ඇත.