ජෝර්ජියාවේ සංචාරයක නිතර පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සහභාගී වූ ප්‍රධාන දේව මෙහෙය වර්ජනය කරන ලෙස එරට ඔර්තඩොක්ස් ක්‍රිස්තියානි පල්ලිය පවසා තිබේ.
ඒ නිසා, පළමු වැනි පාප් වහන්සේට ජෝර්ජියාවේ දැවැන්ත ක්රිඩාගාරයක පැවැත්වූ දේව මෙහෙය බොහෝ හිස් අසුන් මධ්‍යයේ පැවැත්වීමට සිදුව ඇති බව බී.බී.සී.ය කියයි.
එහිදී, ඔර්තඩොක්ස් ක්‍රිස්තියානුවන්ට රෝමානු කතෝලික දේව මෙහෙය සහ පල්ලියේ නියෝජිතයන්ගෙන් ඉවත්ව සිටින ලෙසටද ඉල්ලීමක් කර තිබූ බව කියැවෙයි.
කෙසේ වෙතත්, එරට පල්ලියේ බලධාරීන් මෙය දෙපාර්ශ්වය අතර අන්‍යෝන්‍ය අවබෝධය මත ගනු ලැබූ තීරණය්ක බවය.
බී.බී.සී.ය පෙන්වා දෙන පරිදි පළමු වැනි ෆ්‍රන්සිස් පාප් වහන්සේ මෙතෙක් සහභාගී වූ විදෙස් සංචාරවලදී ඉතා සුළු පිරිසක් සහභාගී වූ එළිමහන් දේව මෙහෙය ලෙස මෙම ජෝර්ජියානු දේව මෙහෙය හැඳින්විය හැකි බවයි.
මේ අතර, කතෝලික පල්ලිය විසින් ඔර්තඩොක්ස් ක්‍රිස්තියානි පිරිස් සිය ආගමට හරවා ගැනීමේ උත්සාහයක් ලෙසට පාප් වහන්සේගේ ජෝර්ජියානු සංචාරයට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක් පැවති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.