ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා හා ෆ්රැන්සිස් පාප් වහන්සේ අතර ප්රථම හමුව රෝමයේදී සිදුවිය.
පාප් වහනසේ බැහැ දැකීමට ලැබීම තමාට විශේෂ ගෞරවයක් බව මෙහිදී ඔබාමා පවසා සිටියේය.
නෙදර්ලන්තයේදී හා බ්රසල්ස්හිදී (බෙල්ජියමේ අගනගරය මෙන්ම, යුරෝපා සංගමයේද අගනගරය) ලෝක නායකයන් සමග දින තුනක් පුරා පැවති සාකච්ඡාවලින් පසුව නැවත ඇමෙරිකාව බලා පිටත්ව යන අතුරතුර ජනාධිපතිවරයා මෙසේ රෝමයට පැමිණියේය.
ආගමික නිදහස සදහා වූ අයිතිය, ගබ්සාව සහ ගැබ් ගැනීම වැළැක්වීම ආදී වූ විවාදයට තුඩුදී ඇති මාතෘකා සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට බඳුන් වී ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
කෙසේ වෙතත් ඉතා සුළු කාලයක් පැවති මේ හමුවේ ස්වභාවය සම්බන්ධයෙන් වතිකානුව වැඩි විස්තරයක් ලබාදී නොතිබුණු අතර, එය ඇමෙරිකාව හා පල්ලිය අතර සම්බන්ධය වැඩි කරන්නක් බව කියා තිබුණි.