පානීය ජල බෝතල්වල වතුරේ ප්ලාස්ටික් -WHO
වෙළෙඳ පොළේ පවතින ප්ලාස්ටික් පානීය ජල බෝතල්වල ඇති ජලයේ තිබී ප්ලාස්ටික් හමුවීමත් සමග ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කර තිබේ.
ඉතා කුඩා ප්‍රමාණයේ මෙම ප්ලාස්ටික් අංශු මිනිස් ශරීරයට අහිතකර විය හැකි බවට ලැබුණු වාර්තාවකට අනුව ඔවුන් මෙම විශේෂ පරීක්ෂණය අරඹා ඇත.
ප්ලාස්ටික් සංයුතියේ විෂ රසායනිකයන් පවා පැවතිය හැකි බැවින්, ඒවා ජල බෝතල්වල වූ ජලය සමග පානය කිරීමේදී මේවා ශරීරගත වීමට ඉහළ හැකියාවක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා සිටියි.
එමෙන්ම, ලොව බොහෝ රටවල් පානීය ජල බෝතල්වලට පුරවන්නේ අපිරිසුදු ජලය බවටද මේ වනවිට පැමිණිලි ලැබී ඇති බව පවසන ලෝක සෞඛ්‍ය සංවිධානය, ලෝකයේ රටවල් 9ක, විවිධ වෙළෙඳ නාමයන්ගෙන් යුතු ජල බෝතල් 250කට වැඩි ප්‍රමාණයක් පරීක්ෂාවට ලක්කර ඇති බවද සඳහන් කරයි.
මෙම පරීක්ෂණයේදී එක් ජල ලීටරයක මෙවැනි කුඩා ප්ලාස්ටික් අංශු කොටස් 10ක් පමණ පවතින බව හඳුනාගෙන ඇති අතර, ඔවුන්ට නිවැරදිව හඳුනාගැනීමට නොහැකි වූ කොටස් 300කට වැඩි ප්‍රමාණයක්ද මෙම ජල ලීටරයක පවතින බව සඳහන් කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


