පාකිස්ථානයේ වයඹදිග ප්‍රදේශයේ, ඇෆ්ගනිස්ථාන දේශසීමා ආසන්න කලාපයේ රැඳී සිටින ඉස්ලාම් රාජ්‍යයේ IS ත්රස්තයන් ඉලක්කකර දැවැන්ත මෙහෙයුමක් දියත් කළ බව පාකිස්තාන හමුදා පවසයි.
ඇෆ්ගනිස්ථානය තුළ මේ වනවිට සිය භූමියේ බලය වැඩිකරමින් සිටින ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ගෙන් පාකිස්ථානය වෙත ඇතිකර තිබෙන බලපෑම වළක්වාලීමේ අරමුණින් මෙම මෙහෙයුම් දියත් කර ඇති බව හමුදා ප්‍රකාශකයෙක් පවසා තිබේ.
'කයිබර් 4' යනුවෙන් නම් කෙරුණු මෙම මෙහෙයුම සඳහා එරට ගුවන් හමුදාවේද සහාය ලැබී ඇති අතර, විශේෂයෙන්ම රාජ්ගාල් නිම්නයේ රැඳී සිටිනනන ත්රස්තයන් ඉලක්ක වී තිබේ.
කෙසේ වෙතත්, තම භූමිය තුළ ඉස්ලාම් රාජ්‍යයේ IS ත්රස්තයන් සිටින බව පාකිස්ථානය මීට පෙර ප්‍රතික්ෂේප කර තිබුණත්, මෙම මෙහෙයුම සමග ඔවුන් එය පිළිගෙන ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
ඒ අනුව, ත්‍රස්ත සංවිධානය ඇෆ්ගනිස්ථානය තුළ සිය බලය තහවුරු කරමින් සිටීම පාකිස්ථානයට දැඩි තර්ජනයක් ඇති කරමින් තිබෙන අතර, පසුගිය වසර දෙකක කාලය තුළ පාකිස්ථානය තුළ වරින් වර සිදුවූ ම්ලේච්ඡ ප්‍රහාර සඳහා ඔවුන්ගේ සෘජු හා වක්‍ර සම්බන්ධතා පැවති බවද සඳහන් වෙයි.