පාකිස්ථානයේ දකුණුදිග වෙරළට ඔබ්බෙන් මුහුදේ රික්ටර් පරිමාණ 6.3ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ.
ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය විසින් මුලින් රික්ටර් පරිමාණ 6.6ක භූ කම්පනයක් ලෙස මෙය නම් කළත්, පසුව එය 6.3 දක්වා අඩුවිය.
වෙරළාශ්‍රිත නගරයක් වූ පස්නි සිට කිලෝමීටර් 23ක් පමණ නිරිතදිගින් මුහුදේ ඇති වූ භූ කම්පනයේ අපිකේන්ද්‍රය පොළෝ මට්ටමින් කිලෝ මීටර් 10ක් පමණ ගැඹුරින් වාර්තා වී තිබේ.
මෙම භූ කම්පනයේ අපිකේන්ද්‍රයේ සිට තවත් ප්‍රධාන වෙරළ නගර දෙකක් වූ ටර්බැට් හා ග්වාදර් වෙත ඇත්තේ කිලෝමීටර් 90ක පමණ දුරකි.
කෙසේ වෙතත්, භූ කම්පනයෙන් හෝ පසුකම්පනවලින් සිදුවූ ජීවිතහානි හෝ දේපොළ හානි මෙතෙක් වාර්තා වී නොමැති අතර, සුනාමි තත්ත්වයක් පිළිබඳවද වාර්තා නොවෙයි.