ප්‍රථම ඉබෝලා රෝගියාට වෛරසය වවුලන්ගෙන් ඇවිත්
වර්තමානයේදී බටහිර අප්‍රිකානු කලාපය තුළ බලවත් තර්ජනයක් ඇති කළ ඉබෝලා වෛරසය මුලින්ම ශරීරගත වී ඇත්තේ ගිනියා රාජ්‍යයේ එමිලි ඔවාමුනෝ නමැති වයස අවුරුදු දෙකක දරුවෙකුට බවත්, එය ඔහු නිතර සෙල්ලම් කිරීමට ගිය ගසක වාසය කළ වවුල් ගහණයකින් ඔහුගේ ශරීරය වෙත ආසාදනය වී ඇති බවත් විද්‍යාඥයෝ පවසති.
මෙම දරුවා වාසය කළ මෙලියන්ඩු ගම්මානයේ සිදුකළ විශේෂ පරීක්ෂණයකින් පසුව විද්‍යාඥයන් මෙම නිගමනයට පැමිණ ඇති අතර, එහිදී වෛරසය පැතිරීම සම්බන්ධයෙන් විශේෂ නියදි පරීක්ෂණ මෙන්ම, ගම්වාසීන් සමග සාකච්ඡා කිරීමද ඔවුන් විසින් සිදුකර තිබේ.
නිවාස 31කින් පමණ සමන්විත මෙම කුඩා ගම්මානය ගිනියාවේ වනාන්තර ප්‍රදේශයක පිහිටා ඇති අතර, පාම් වගාවද එහි බහුලව දැකිය හැකිය.
පලතුරු ආහාරය ගැනීමට එන වවුලන් මේ ගම්මානය ආශ්‍රිතව නිතර දැකිය හැකි අතර, මෙම වවුලන් විසින් වෛරසය ව්‍යාප්ත කර ඇති බව පැහැදිලි වී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

