ඇමෙරිකාවේ ප්‍රකට ස්ටන්ට් ශිල්පියෙකු වන ඩීන් පොටර් කැලිෆෝනියා හිදී ගුවන් කරණමක යෙදීමේදී සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
43 වැනි වියෙහි පසුවන මොහු යොස්මයිට් ජාතික වනෝද්‍යානයේ අඩි 7,500ක් උස ටාෆ් පොයිට් කඳු මුදුනේ සිට වා ඇඳුමක් ඇඟලාගෙන සිදුකළ කරණමකදී මෙම අනතුර සිදුව ඇති බව පැවසෙයි.
ඔහු සමග මෙම ක්රියාවේ යෙදුණු ග්රැහැම් හන්ට් නැමැත්තාද මේ ආකාරයෙන්ම අනතුරට පත්ව ජීවිතක්ෂයට පත්ව ඇති අතර, කරණමෙන් පසු ඔවුන්ගෙන් තොරතුරු නොලැබීම හේතුවෙන් සිදුකළ නිරීක්ෂණයේදී මළ සිරුරු සොයා ගැනීමට වනෝද්‍යාන බලධාරීන්ට හැකි වී තිබේ.
ඔවුන් හැඳ සිටි පැරෂුට් ක්‍රියාත්මක නොවීමෙන් මෙම මරණ සිදුව ඇති බව කියැවෙයි.