දකුණුදිග ප්‍රංශයේ අධිවේගී දුම්රියක් තවත් දුම්රියක් සමග ගැටීමෙන් පුද්ගලයන් රැසක් තුවාල ලබා ඇති බව ප්‍රංශයේ වාර්තා වෙයි.
අධිවේගී ටී.ජී.වී. දුම්රිය අනතුරට පත්වන අවස්ථාවේ එහි මගීන් 178 දෙනෙකු ගමන් කර ඇති අතර, යානය ගැටී ඇති ටී.ඊ.ආර්. දුම්රියේ එම අවස්ථාවේ මගින් 70 දෙනෙකු ගමන් කරමින් සිට ඇති බව කියැවෙයි.
මාධ්‍ය වාර්තාවන්ට අනුව තුවාල ලබා ඇති පුද්ගලයන් 25 දෙනෙකු ගැන වාර්තා වන අතර, ඉන් නවදෙනෙකු බරපතල තත්ත්වයෙන් පසුවන බව කියැවෙයි.
අධිවේගී දුම්රිය මාර්ගයේ නවතා නැවත ගමන් අරඹමින් සිටියදී අනතුර සිදුව ඇති බවත්, එම අවස්ථාවේදී එතරම් වේගයෙන් දුම්රිය ගමන් නොකළ නිසා අනතුර එතරම් බරපතල නොවූ බවත් තවත් වාර්තාවන් පෙන්වා දෙයි.
පොලීසිය හා ගිනිනිවන හමුදාව එක්ව තුවාල ලැබූවන් වහාම රෝහල් වෙත ගෙන ගොස් තිබේ.