ප්‍රංශය තුළ තවත් ජිහාඩ් ප්‍රහාරයක් වළක්වා ගනී
ප්‍රංශය තුළ නුදුරු දිනකදීම සිදුවීමට ගිය ත්‍රස්ත ප්‍රහාරයක් වළක්වා ගනිමින් සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස වයස අවුරුදු 16ක් වන තරුණයන් තිදෙනෙකු හා තරුණියක බවත්, ඔවුන් සමග බෝම්බ සැදීමට අවශ්‍ය අමුද්‍රව්‍යද අත්අඩංගුවට ගැනීමට ප්‍රතිත්‍රස්ත පොලිස් මෙහෙයුමකදී හැකි වූ බවත් ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය බෘනෝ ලේ රොක්ස් පවසයි.
2015 නොවැම්බර් මාසයේදී පැරීසියට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සඳහා යොදාගෙන තිබුණේද මොවුන් සමග අත්අඩංගුවට ගත් පුපුරණ ද්‍රව්‍යයට සමාන දේවල් බවද පොලීසිය පවසයි.
එමෙන්ම, අත්අඩංගුවට ගත් තරුණිය ජිහාඩ් අන්තවාදීන්ගේ ප්‍රකාශනයන්ද අන්තර්ජාලය තුළ ප්‍රචාරය කර ඇති බව පැවසෙයි.
2015 පැරීසියේදී සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයේ සිට මේ දක්වා ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ගේ හුදකලා ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් එරට තුළ 230කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, පසුගිය සතියේදීද පැරීසියේ ලූවර් කෞතුකාගාරයට ඇතුළු වීමට ගිය පිහියක් රැගත් පුද්ගලයෙකු සිදුකළ පහරදීමකින් හමුදා සාමාජිකයෙකු තුවාල ලැබීය.
එහිදී, වෙඩි තබා අත්අඩංගුවට ගත් පුද්ගලයා 29 හැවිරිදි ඊජිප්තු ජාතික අබ්දුල්ලාහ් හමාමි ලෙස හඳුනාගෙන තිබුණි.
.jpg)
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

