ප්‍රංශයේ පැරිස් නුවර, චාර්ලී හෙබ්ඩෝ සඟරාව පිහිටි මාධ්‍ය කාර්යාලය වෙත එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන් උතුරුදි ප්‍රංශයේ ඉන්ධන පිරවුම්හලක්ද මංකොල්ල කා ඇති බව වාර්තා වෙයි.
එහිදී, ඉන්ධන හා ආහාර මංකොල්ලකා ඇති මෙම ත්රස්තවාදීන් සොයා දැවැන්ත මෙහෙයුමක් මේ වනවිටත් සිදුවෙමින් පවතී.
උපහාසාත්මක සඟරාවක් ලෙස ප්‍රකට චාර්ලී සඟරාවට එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් තුවාල ලැබීය.
එමෙන්ම, බටහිර පැරීසියේදීද පොලිස් කාන්තාවක් වෙඩි තබා මරා දමා ඇති අතර, එම මරණය හා මෙම ත්‍රස්ත ප්‍රහාරය අතර සම්බන්ධයක් ඇතිද යන්න ගැනද පොලීසිය පරීක්ෂණ මෙහෙයවයි.
සේවා ස්ථානය මංකොල්ලකෑමට පැමිණි ත්රතස්තයන් අතර ග්‍රෙනේඩ් විදියන් ඇතුළු ස්වයංක්‍රීය ගිනි අවිවලින් සන්නද්ධව සිටි බව පැවසෙයි.
එමෙන්ම, මේ වනවිට හඳුනාගෙන ඇති ත්රස්තයන් දෙදෙනා චෙරීෆ් සහ සයීඩ් කොආචි යන සොහොයුරන් ලෙස හඳුනාගෙන ඇති අතර, ඔවුන් රෙනෝල්ට් මොටර් රථයකින් පළා යමින් සිටි බව කියැවෙයි. එය ඔවුන් මාධ්‍ය ආයතනයට එල්ල කළ ප්‍රහාරයෙන් පසුව පැහැරගත් මෝටර් රථයම බවද පැවසෙයි.