ප්රංශ අහසට නැවුම් සලකුණක් ලබාදෙමින් වීදුරු නිමාවක් ගත් අහස සිඹින ගොඩනැගිල්ලක් 'ටුවර් ට්රයැන්ගල්' යන නමින් එක්වන බව පැවසෙයි.
ඇ.ඩො.මිලියන 555ක වියදමින් ස්විට්සර්ලන්ත ගෘහනිර්මාණ ශිල්පීන්ගේ නිර්මාණශීලීත්වයෙන්, යුරෝපයේ විශාලතම දේපළ වෙළෙඳාම් සමූහයක් වූ යුනිබෙයිල් රැඩම්කෝ සමාගම නිර්මාණය කරන මෙම ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම පැරිස් සම්ප්රදායෙන් වෙනස්ම අත්දැකීමක් බව කියැවෙයි.
කෙසේ වෙතත්, පැරීසියේ ගොඩනැගිලිවල උස සම්බන්ධයෙන් පැවති නීතිය ලිහිල් වෙමින් ඉදිවන මෙම ගොඩනැගිල්ලේද ප්රථම යෝජනාව මීට වසර නවයකට පෙර ඉදිරිපත් කරන ලද්දකි.
වර්ග මීටර් 70,000ක කාර්යාලීය ඉඩකඩ හා අධි සුඛෝපභෝගී නිවාස හා විනෝදාස්වාද සැපයුම් මෙම ගොඩනැගිල්ල වෙතින් ලබාදීමට ඔවුන් බලාපොරොත්තු වෙයි.
