තත්ත්පරයට කිලෝමීටර් 14ක වේගයක් වාර්තා කරමින් නාසා හි නිව් හොරයිසන් අභ්‍යවකාශ යානය ප්ලූටෝ ග්‍රහයා ආසන්නයට පැමිණ තිබේ.
එහිදී, මෙම වාමන ග්‍රහයාගේ ඉතා සමීප ඡායාරූපයක් නාසා ආයතනය විසින් මාධ්‍යයට නිකුත් කරන ලදී.
ඒ අනුව, මෙම අභ්‍යවකාශ යානය මගින් ග්‍රහයාගේ තවත් සමීප ඡායාරූප රැසක් ලබාගැනීමට නියමිත අතර, තවත් විද්‍යාත්මක තොරතුරු රැසක් එකතු කිරීමටද සැලසුම් කර තිබේ.
ප්ලූටෝ ග්‍රහයා වෙත පෘථිවියේ සිට ඇති දුර කිලෝ මීටර් 12,500කි.