ප්ලූටෝ ග්‍රහයා සමීපයට ගොස් සිටින නිව් හොරයිසන් අභ්‍යවකාශ යානයේ සිට එවනු ලැබූ ඡායාරූපවල අයිස් කඳුවලට සමාන කඳු දැකිය හැකි බව විද්‍යාඥයෝ පවසති.
මීට අමතරව ග්‍රහයා සහ ඒ ආසන්නයේ වූ චාරොන් චන්ද්‍රයාගේ පෘෂ්ඨයේ භූ විද්‍යාත්මක ක්‍රියාකාරකම්වල ලක්ෂණ දැකිය හැකි බවද විද්‍යඥයෝ පවසති.
බදාදා දිනයේදී විද්‍යාඥයන් විසින් නිව් හොරයිසන් යානාවෙන් ලබාගත් ප්‍රථම ඡායාරූපය මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබීය.
නිව් හොරයිසන් යානය පසුගිය අඟහරුවාදා වාමන ග්‍රහයා ආසන්නයට පැමිණි අතර, මේ වනවිට යානය මගින් ග්‍රහයාගේ තොරතුරු රැසක් එක්රැස් කරමින් සිටියි.