වසර තුනක් ඇතුළත පලස්තීනය වෙත සිදුකරන ඊශ්‍රායල් අත පෙවීම් නැවැත්විය යුතු බවට පලස්තීනය විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
අරාබි රාජ්‍යයන් 22 ක් හා පලස්තීන අධිකාරියේ එකඟත්වය අනුව මෙම යෝජනාවලිය ඉදිරිපත් කර තිබුණි.
කෙසේ වෙතත් මෙය ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඊට පක්ෂව සාමාජිකයන් 8 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කළත්, ඇමෙරිකාව හා ඔස්ට්‍රේලියාව ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබේ.
එවැනි යෝජනාවලියක් සම්මත වීමට අවම වශයෙන් සාමාජිකයන් 9 දෙනෙකුගේ එකඟත්වය තිබිය යුතු බැවින් එය ප්‍රතික්ෂේප වී ඇති අතර, ඊශ්‍රායලය පෙන්වා දෙන්නේ එකී යෝජනාවලිය වංචනික එකක් බවයි.