පර්ල් හාබර් ප්රහාර ගැන අබේ බලවත් ශෝකය ප්රකාශ කරයි
ජපනුන් විසින් මීට වසර 75කට ඉහත බෝම්බ හෙළන ලද ඇමෙරිකාවේ පර්ල් හාබර් වෙත ඓතිහාසික සංචාරයකට පැමිණි ජපාන අගමැති ෂින්සෝ අබේ එම ප්රහාරයෙන් මියගිය අය වෙත සිය බලවත් ශෝකය ප්රකාශ කර සිටියේය.
එහි යූ.එස්.එස්. ඇරිසෝනා අනුස්මරණ ශාලාව වෙත එම ප්රහාරයෙන් පසුව පැමිණි ප්රථම ජපාන අග්රාමාත්යවරයා ලෙස මෙම ඓතිහාසික අවස්ථාව දෙරටටම අතිශය වැදගත් අවස්ථාවක් වූ බව විදෙස් වාර්තා පවසයි.
එහිදී, ජනපති ඔබාමා මෙන්ම අගමැති අබේ එක්ව එම ප්රහාරයේදී මුහුදේ ගිලීගිය යූ.එස්.එස්. ඇරිසෝනා නෞකාවේ අනුස්මරණ ස්මාරකය වෙත මල් කළඹ තබා ගෞරව දැක්වීමද සිදුවිය.
වර්ෂ 1941 දී පර්ල් හාබර් වෙත ජපනුන් ගුවනින් බෝම්බ දමද්දී, ඇමෙරිකානුවන් 2,400ක් ජීවිතක්ෂයට පත්වූහ. එමෙන්ම තුවාල ලැබූවන්ද දහස ඉක්මවූ බව කියැවෙයි.
කෙසේ වෙතත්, ජපාන අගමැතිවරයා මෙම ප්රහාරය සම්බන්ධයෙන් එම අවස්ථාවේදී සමාව ගැනීමක් සිදු නොවූ අතර, සිය බලවත් ශෝකය පමණක් ප්රකාශ කළේය.
මීට පෙර, ඇමෙරිකානු ජනපති බරැක් ඔබාමා ඇමෙරිකාව විසින් පරමානු බෝම්බ දමා විනාශ කළ හිරෝෂිමා වෙත ගොස් සිදුකළේද මෙවැනිම දෙයකි. එහිදීද, ඔබාමා සිය ශෝකය ප්රකාශ කළත්, එම ප්රහාරය ගැන සමාව ගැනීමක් සිදු නොවීය.

.jpg)
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

