නෝර්වේ ආක්ටික් කොදෙව්වේ සිදුවූ හිම කඳු කඩා වැටීමකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 9 දෙනෙකු තුවාල ලබා තිබේ.
පුද්ගලයන් 2,000ක් පමණ ජීවත් වන ලෝන්ග්ඉයර්බයින් නගරය වෙත සකර්ටොපන් කන්දෙන් හිම පතිත වීමෙන් මෙම අනතුර සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙම අනතුරත් සමග මෝටර් රථ හා ගොඩනැගිලි කිහිපයක් සම්පූර්ණයෙන්ම හිමෙන් යටවී ඇති බවද කියැවෙයි.
දැඩි අඳුරු පරිසරයේ පවා මුදාගැනීමේ මෙහෙයුම් සිදුවන බවත්, සාමාන්‍ය ලෙස නොවැම්බර් සිට පෙබරවාරි දක්වා මෙම කලාපයේ මෙම අඳුරු ස්වභාවය පවතින බවත් කියැවෙයි.