ග්රීසියට ආසන්න මුහුදේදී පුද්ගලයන් 478 දෙනෙකු සමග ගින්නට හසුවූ නෝමන් ඇට්ලාන්ටික් මගී ප්රවාහන නෞකාව බේරාගැනීමේ මෙහෙයුමේදී ටග් යාත්රාවල සිටි නාවිකයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඇල්බේනියානු බලධාරීන් පෙන්වාදෙන පරිදි යාත්රාව සමග සම්බන්ධ වන කේබලය සමග ගැටීමෙන් මොවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඇට්ලාන්ටික් යාත්රාව ගින්නට හසුවීමෙන් ජීවිත හානි 10ක් සිදුවූ අතර, නෞකාවේ සිටි 400ක් පමණ බේරාගත් බවද කියයි.
කෙසේ වෙතත්, අතුරුදන් වූ පිරිස් තව කොපමණ සිටීද යන්න පිළිබඳ මෙතෙක් අනාවරණය නොවන බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.