මීට කලකට පෙර ලෝක මාධ්‍යයේ විශාල ප්‍රචාරයක් ලැබුණු මරේඩිත් කර්ච්නර් නඩු විභාගය යළි කැඳවූ අවස්ථාවේදී ඉතාලි ජාතික විනිසුරුවරයා කියා සිටියේ මෙම බ්‍රිතාන්‍ය ජාතික සිසුවිය මරණයට පත්ව ඇත්තේ ඇය සමග එකම කාමරයේ සිටි ඇමෙන්ඩා නෝක්ස් නමැති තරුණිය විසින් එල්ල කළ මාරාන්තික පිහි පහරක් හේතුවෙන් බවය.
සිය තීන්දුව පිළිබඳ අදහස් දක්වමින් විනිසුරුවරයා පවසා ඇත්තේ නොක්ස් හා එවකට ඇයගේ ඉතාලි ජාතික පෙම්වතා වූ රෆායෙල් සොලිසිටෝ විසින් කර්ච්නර් සමග ඇතිකර ගත් උණුසුම් වචන හුවමාරුවකින් පසුව මෙම මරණය සිදුකර ඇති බවය.
මීට පෙර 2007 වසරේදීද නොක්ස් හා සොලිසිටෝ මෙම මරණය සම්බන්ධයෙන් වරදකරුවන් කරමින් ඉතාලි අධිකරණය තීන්දුවක් ප්‍රකාශයට පත් කළේය.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා ඉදිරිපත් කළ ඇපෑල සලකා බැලීමෙන් පසුව 2011 දී නොක්ස් හා සොලිසිටෝ නිදහස ලැබීය. නමුත්, පසුගිය ජනවාරි මාසයේදි යළි නඩුව කැඳවමින් ඔවුන් දෙදෙනා වරදකරුවන් බව ප්‍රකාශ කිරීමට ඉතාලි අධිකරණය පසුබට නොවීය.
ඇමෙරිකානු ජාතික නොක්ස් මේ වනවිට තම රටේ ජීවත් වන අතර, ඇයට වසර 28යි, මාස 6ක සිරදඬුවමක් හා සොලිසිටෝ වෙත වසර 25ක සිරදඬුවමක් මෙවර පැනවී තිබේ.
නමුත් ඔවුන් දෙදෙනාම නැවත නැවතත් කියා සිටින්නේ තමන් වරදකරුවන් නොවන බවය.