නොක්-ටෙන් සුළි කුණාටුව තවදුරටත් පිලිපීනය වෙත වඩාත් ප්රබල ලෙස බලපා ඇති අතර, අධික ජනගහනයක් වෙසෙන එරට මැනිලා අගනුවර වෙතද එය ඇදෙමින් පවතින බව විදෙස් වාර්තා පවසයි.
එරට සිවිල් ආරක්ෂක බලකාය විසින් දැනටමත් රතු අවදානමක් ප්රකාශයට පත්කර ඇති අතර, එය සඳුදා දිනයේ සවස නගරය වෙත ප්රබල බලපෑමක් සිදුකරනු ඇති බව කියයි.
කෙසේ වෙතත්, ඉරිදා දිනයේදී භූමියට ඇතුළු වීමෙන් පසුව මේ වනවිට සුළි කුණාටුවේ චණ්ඩ ස්වරූපය තරමක් පහව ගොස් ඇති බවද කියයි. කෙසේ වෙතත්, එරට කාලගුණ බලධාරීන් පෙන්වා දෙන්නේ මේ වනවිටත් එය පැයට කිලෝමීටර් 140ක පමණ වේගයකින් හමායන බවයි.
සුළි කුණාටුව හේතුවෙන් ගිණිකොණදිග මැනිලා කලාපයේ, අල්බේ පළාත තුළ ජීවිත තුනක් අහිමි වී ඇති බවද විදෙස් වාර්තා පවසයි.
මේ වනවිට බොහෝ ප්රදේශවල ගස් කඩා වැටී ඇති නිසා විදුලිබලය ඇණහිටීමක් පවතින බවත්, මෙම චණ්ඩ මාරුතය පැමිණීමට පෙර බයිකොල් පළාතේ පමණක් 100,000කට අධික පිරිසක් ඉවත් කෙරුණු බවත් විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.

.jpg)
.jpg)
.jpg)