නේපාලයට බලපෑ දැඩි වර්ෂාවත් සමග ඇති වූ නායයෑම්වලින් එරට බටහිර කලාපයේ පුද්ගලයන් 29 දෙනෙකුට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
කත්මණ්ඩු අගනුවරට කිලෝමීටර් 200ක් පමණ බටහිරින් පිහිටි පොක්හාරා නගරයේ විශාල පිරිසක් අතුරුදන්ව ඇති බවද කියැවෙයි.
නායයෑම් සමග පස්වලට යටවූ නිවාස මතුකර ගැනීමට සහන කණ්ඩායම් දැඩි පරිශ්රමයක් දරන බව නේපාල රජය පවසයි.
වාර්ෂික මෝසම් වැසි සමග එරට කඳුකර ප්රදේශවල නායයෑම් මෙන්ම පහළ ප්රදේශවල ගංවතුර තත්ත්වයන් සිදුවන බවද විදෙස් වාර්තා කියයි.