නේපාල යානය කඩා වැටෙද්දී විශාල පිපිරුම් හඬක් ඇතිකරලා
නේපාලයේ කත්මණ්ඩු ගුවන් තොටුපොළේදී සිදුවූ ගුවන් අනතුරෙන් දිවි බේරාගත් අය පවසන පරිදි යානය කඩා වැටීමේදී විශාල පිපිරුම් හඬක් ඇති වී තිබේ.
මගීන් හා කාර්ය මණ්ඩලයේ 71 දෙනෙකු සමග කඩා වැටුණු යානයේ පුද්ගලයන් 49 දෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති බව තහවුරු කරගෙන තිබේ.
යානය කඩා වැටීමට පෙර ඇති වූ පිපිරුම් හඬ සමග යානය වේගයෙන් ගැස්සීමකට ලක්වූ බවත්, මේ අවස්ථාවේදී යානය තුළ සිටි පිරිස් බියෙන් තැතිගෙන හඬා වැටුණු බවත් සිද්ධිය ඇසින් දුටු දිවි බේරාගත් පුද්ගලයෝ පවසති. එම අවස්ථාව වචනයෙන් විස්තර කළ නොහැකි ව්‍යාකූල තත්ත්වයක් බවද ඔවුහු පවසති.
එමෙන්ම, යානය වේගයෙන් උඩට පහළට මෙන්ම දෙපසටද ගමන් කර ඇති බව පවසන මගීන් සඳහන් කරන්නේ, මුලින් එය යානයේ සාමාන්‍ය තත්ත්වයක් බව විශ්වාස කළ බවයි.
කෙසේ වෙතත්, මෙම යානය කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඒ සම්බන්ධයෙන් වූ පරීක්ෂණ තවදුරටත් පැවැත්වෙමින් තිබේ.
වසර ගණනාවකට පසුව නේපාල ඉතිහාසයේ සිදුවූ ඛේදජනක ගුවන් අනතුර ලෙස මෙය සැලකෙයි.
බංග්ලාදේශයේ ඩකා අගනුවර සිට පැමිණෙමින් තිබූ බංග්ලාදේශයට ගුවන් සේවයට අයත් බොම්බාර්ඩියර් ඩෑෂ් 8 Q400 ටර්බෝප්‍රොප් වර්ගයේ යානය වසර 17ක් පමණ පැරණි යානයකි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.



